පෘතිවියේ ජල සුලබ
තාවය
මිනිසාගේ පරිභෝජනයට සුදුසු තත්වයේ වන ජලය ලොව
සීග්‍රයෙන් ක්ෂය වෙමින් පවතින
බවටත් එය ආරක්ෂා කිරීමට කඩිනමින් කටයුතු කල යුතු බවත් බොහෝ
විද්වතුන් නිරත්තරයෙන් පෙන්වා දෙමින් ඇත. පෘථිවියෙන් 70% පමණ
ප්‍රතිශතයක් ජලය පවතී. ලොව සමස්ථ ජල ප්‍රමාණය ඝණ කිලෝමීටර මිලියන 1384 ක් බව ඇස්තමේන්තු කොට ඇත. එයින් 97.1% පමණ පවතිනුයේ
සාගර තුල ලවණ ජලය ආකාරයට වේ. ඒ අනුව මිරිදිය ජලය ඉතාසීමිත වන අතර එය ප්‍රතිශතයක් ලෙස සැලකූ කල සමස්ථ ජල ප්‍රමාණයෙන් 2.9% ක් පමණ වේ. මෙම ඉතා සුළු මිරිදිය ප්‍රමාණයෙන්
ද 77.2% ක කොටසක් මිනිසාගේ පරිභෝජනයට පහසුවෙන් ගත හැකි
නොවන ලෙස හිම හා අයිස් ලෙස තිර වී ඇති අතර තවත් කොටසක් වාතය ලෙස වායුගෝලයේ පවතී. දැනට ලෝකයේ ජලය පවතිනු ලබන ආකාර හා ඒවායේ ප්‍රතිශතයන් වගුව 1 හි දක්වා ඇත.
ඉහත දක්වා
ඇති පරිදි ද්‍රව ලෙස පවතින ජල ප්‍රමාණයෙන් පවා මතුපිට ජලය ලෙස (surface water) පවතිනුයේ
0.52% තරම් වන කුඩා
ප්‍රමාණයකි. ගොඩබිම පවතින මිරිදිය
වලින් ද වැඩිමනක් පවතිනුයේ භූගත ජලය
ලෙස වන අතර එයිනුත්
වැඩි කොටසක් පොලොව මතුපිට සිට මීටර
800 ට වඩා පහලින් ඉතා ගැඹුරු ස්ථාන වල පිහිටා ඇත. එය 12.35% ප්‍රමාණයකි මෙවැනි ගැඹුරු මට්ටම් වල ඇති
ජලය උකගා ගැනීම ප්‍රායෝගිකව අසීරු කටයුත්තකි. ඒ අනුව ප්‍රයෝජනයට ගතහැකි මට්ටමේ
මිරිදිය ප්‍රමාණය ඝණ කිලෝමීටර මිලියන 3.67 ක් පමණ වන බව ගනන් බලා
ඇත. මෙහිදී වඩා සැලකිල්ලට
ගත යුත්තේ එයිනිදු වැඩි ප්‍රමාණයක් ලොව අසමතුලිතව
ව්‍යාප්ත වී ඇති බවයි.
No comments:
Post a Comment