ලොව විවිධ රටවල් තම රටේ පානීය ජලයේ තත්ව පරීක්ෂාව පිළිබඳව විවිධ නිර්ණායකයන් භාවිතයට ගනු ලබයි. මේ අතුරින්
ඇමෙරිකා එක්සත් ජනපදය කැනෙඩාව හා එංගලන්තය විසින් ප්‍රකාශිත නිර්ණායකයන් ලොව බොහෝ ප්‍රචලිත
අතර සෑම රටක්ම
පාහේ අද වන විට තම රටවලට අදාල නිර්ණායකයන් හඳුනාගෙන ඒ අනුව තම රටේ පානීය ජල පරීක්ෂාව සිදුකරයි. ශ්‍රීලංකාවේ මේ සඳහා අදාළ
නිර්ණායකයන් ප්‍රකාශයට පත් කොට ඇත්තේ
එස් එල් එස් ආයතනය වේ.
කෙසේ වෙතත් ලෝක සෞක්‍ය සංවිධානය විසින් පලකොට ඇති නිර්ණායකයන් ලොව පුරාම පිලිගැනෙන අතර ඒවා අනුසාරයෙන් තම රටවල ජල තත්ව නිර්ණායකයන් යාවත්කාලීන කරගනී. ශ්‍රී ලංකාවේ එස්.එල්.එස් ආයතනය මගින් ප්‍රකාශ කොට ඇති නිර්ණායකයන්ගේ හා ලෝක සෞක්‍ය සංවිධානයේ නිර්ණායකයන් අතර එතරම් වෙනසක් ද දක්නට නොලැබේ.
ජලයේ දූෂක කාරකයන්
මේවා ආකාර දෙකක් යටතේ විස්තර කරනු බලයි
මේවා ආකාර දෙකක් යටතේ විස්තර කරනු බලයි
01 ජලයේ අවලම්බනය වී
ඇතිද දූෂකයන්
02
ජලයේ දියවී ඇති දූෂකයන්
ජලයේ අවලම්බනය වී ඇතිද දූෂකයන්
ජලයේ
අවලම්බනය වී ඇති ද්‍රව්‍යය
කොටස් බොහෝ විට විශාලත්වයෙන් වැඩි අතර ජලයේ ඝණත්වයයට වඩා අඩු හෝ සමාන වේ. ඒවා
ජලයෙන් ඉවත් කිරීම ජලයේ දියවී
ඇති දූෂකයන් ඉවත් කිරීමට සාපේක්ෂව පහසුය. බොහෝවිට පෙරනයන් භාවිතා
කිරීම හා මණ්ඩි ලෙස තැන්පත්වීමට ඉඩ හැරීම තුලින් මෙම අවලම්බනය වී ඇති කොටස් ඉවත් කරනු ලබයි. මෙම අවලම්බන
දූෂකයන් ප්‍රධාන ආකාර තුනකට බෙදා දක්වයි.
01
මටි කළිල / මටි අංශු
02 බැක්ටීරියා වර්ග
03
ඇල්ගී වර්ග - බොහෝ විට
මේ යටතට ගැනෙනුයේ ඒක සෛලික
ඇල්ගී වර්ග වේ.
ජලයේ දියවී ඇති දූෂකයන්
මේවා බොහෝවිට
අකාබනික සංයෝගයන් වන අතර
ජලයෙන් ඉවත් කිරීම තරමක් අසීරු වේ. මෙම සංයෝගයන් ලෙස ප්‍රධාන
වශයෙන් හමුවන්නේ කැල්සියම් හා මැග්නීසියම් වල ලවණ, විවිධ බැර ලෝහයන්ගේ ලවණ
වර්ග හා ඔක්සයිඩ, විවිධ වායු වර්ග හා
සෝඩියම් හි ලවණයන් වේ.
01කැල්සියම් හා මැග්නීසියම් හි බහුල ලවණ ආකාර 04 කි. ඒවා බයි කාබනේට, කාබනේට, සල්පේට හා ක්ලෝරයිඩ ලෙස බෙදා දැක්විය හැකිය.
බයි කාබනේට
- ජලයේ කඨිනත්වය හා භාෂ්මික තාවය වැඩි කිරීම
කාබනේට - ජලයේ
කඨිනත්වය හා භාෂ්මික තාවය වැඩි කිරීම
සල්පේට
- ජලයේ කඨිනත්වය වැඩි කිරීම
ක්ලෝරයිඩ
- ජලයේ ලුනු රසය ඇති කරයි
02 බැර ලෝහයන්ගේ ලවණ වර්ග හා ඔක්සයිඩ
ලෝහයන් ආකාරද ප්‍රධාන
ආකාර 4 ක් හමුවේ. මෙම අයන ශරීර ගත වීම නිසා ඇතිවන සෞක්‍යමය
තත්වයන් පසුව විස්තර කෙරේ. ජලයේ දක්නට ලැබෙන ප්‍රධාන බැර ලෝහ වර්ග පහත පරිදි වේ.
මැංගනස් - මේවා දියවීම නිසා ජලය අඳුරු පැහැ ගැන්වේ.
යකඩ - මේවා ෆෙරස් හා ෆෙරික් ලෙස වර්ග දෙකක් ඇතත් බොහෝ විට හමුවන්නේ ෆෙරික් අයන ආකාරයෙනි. ඉක්මනින් ෆෙරික් අයන බවට පත් වීම නිසා ෆෙරස් අයන ආකාර මලකඩ රස ලැබෙන අතර අදුරු පැහැ ගැන්වීමට ද හේතු වේ. කඨිනත්වය ඇති කිරීමටද හේතු වේ.
ඊයම් (ලෙඩ්) - මේවා උග්‍ර විෂ තත්වයන් ඇති කිරීමට හේතු වේ.
ආසනික්- මේවා ද උග්‍ර විෂ තත්වයන්ඇති කිරීමට හේතු වේ.
03 වායූන් වර්ග ජලයේ
දිය වීම
වායුගෝලයේ පවතින වායූ වර්ග අතරින් ප්‍රධාන ආකාර තුනක් ජලයේ බහුල ලෙස දිය වේ. ඒවා නම් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායූන් ය.
ඔක්සිජන් - ආම්ලික තාවය වැඩි කරන අතර ජල නල වල මල කෑමේ වේගය වැඩි කරයි. කෙසේ වෙතත් ඔක්සිජන් සුලුවෙන්
දිය වී තිබීම ජලයට හොඳ රසයක් ගෙන දීමට ද හේතු වේ.
කාබන් ඩයොක්සයිඩ් - ආම්ලික තාවය වැඩි කරයි.
හයිඩ්‍රජන් සල්ෆයිඩ්- ආම්ලික තාවය වැඩි කරන අතර
ජල නල වල මල කෑමේ වේගය වැඩි කරයි.
තවද ජලයට කටුක ගන්ධයක් ඇති කරයි.
04 සෝඩියම් හි ලවන වර්ග.
බයි කාබනේට, කාබනේට, ෆ්ලෝරයිඩ හා ක්ලෝරයිඩ මේ අතරින් බහුලය.
සෝඩියම් බයි කාබනේට් - භාෂ්මික තාවය වැඩි කරන අතර ජලය මෘදු කාරකයක් ලෙසද ක්‍රියා
කරයි.
සෝඩියම් කාබනේට් - භාෂ්මික තාවය වැඩි කරන අතර ජලය මෘදු කාරකයක් ලෙසද ක්‍රියා
කරයි.
සෝඩියම් ෆ්ලෝරයිඩ - දත් වල මල බැඳීම නමැති රෝගය ඇති කරයි.
සෝඩියම් ක්ලෝරයිඩ - ලවන රසය
වැඩි කරයි.