Friday, February 28, 2014

ශ්‍රී ලංකාවේ ජල පරිභෝජනය

ජල සම්පාදනය  හා ජල අපවහන මණ්ඩලය 1990 දී කරන ලද  ඇස්තමේන්තුවකට අනුව ශ්‍රීලංකාවේ  ජල පරිභෝජනයෙන් 96% ක් ම  භාවිතා කරනුයේ කෘෂිකාර්මික  කටයුතු සඳහා ය.  කාර්මික  කටයුතු වලට 2% ක ප්‍රමාණයක්ද  ගෘහ පරිභෝජනයට ඉතිරි 2%  ද භාවිතයට  ගැනෙයි. වසර 2005 වන විට  ලංකාවේ  ජනගහන්යෙන්  28.6%  ක්  පමණ  ගෘහ නල ජල  පහසුකම්  වලින් සමන්විත වූ අතර 60% ක ජනගහනයක් හාවිතයට  ගැනෙනුයේ  ගෘහාශ්‍රිතව  තනාගත්  කැපූ  ලිං ජලයයි (Open Dug Well)  වියලි කලාපය තුල නොගැබුරු ලිං ඉතා  දුර්ලබ වේ. ඒ අනුව  සමස්ත ජනගහනයෙන් 10% ක්  ගැඹුරු නල  ලිං  වලින්  ජලය  ලබා ගැනෙයි.   එක්සත් ජාතීන්ගේ   ලෝක ආහාර  හා කෘෂිකර්ම සංවිධානය  1990 දී කල ඇස්තමේන්තුවට අනුව ශ්‍රීලංකාවේ වාර්ශික සාමාන්‍ය  ඒක පුද්ගල ජල පරිභෝජනය ඝණ මීටර 544 ක් පමණ  වේ. කෙසේ වෙතත් ඒක පුද්ගල ජල පරිභෝජනය ඝණ මීටර 2500 ක  උපරිමයක් දක්වා ලබාගැනීමට වර්තමාන තත්ව යටතේ ශ්‍රීලංකාවට  ශක්‍යතාවයක්  පවතී.  

No comments:

Post a Comment

Sugarcane, Sri Lanka, Irrigation, Water Managent